Welcome

යොවුන් ත රු පුස්තකාලයේ ඉතිහාසය
සත්‍ය වශයෙන්ම යොවුන් තරු පුස්තකාලය වර්තමාන තාරුණ්‍යය තුළ හටගත් සංකල්පයක ප්‍රතිඵලයක් නොවන බව ප්‍රථමයෙන් මතක් කර දිය යුතුව ඇත.
මීට දශක දෙකකට එහා සිටි ප්‍රදේශයේ තාරුණ්‍යය විසින් ගොඩ නැඟූ කුඩා පුස්තකාලයක් බවද, එය කුඩා පොත් රාක්කයකට පමණක් සීමා වූ බවද අප ජේෂ්ඨ සාමාජිකයෝ පවසති.
කාලයාගේ ඇවෑමෙන් අභාවයට ගිය මෙම කුඩා දැනුම් කේන්ද්‍රය පසුව බිහි වූ වර්තමාන තාරුණ්‍යය විසින් 2015 වසරේ පුස්තකාල ගොඩනැගිල්ලක් නිමවා එහි පුස්තකාලය පවත්වාගෙන යාම සම්බන්ධව සිහින දැකීය.
2016 අග භාගයේදී ඔවුන් ඉතා දුෂ්කර වූද අභියෝගාත්මක සිහිනය යතාර්ථයක් බවට පත්කිරීමේ කාර්යෙහිලා මාහැඟි දායකත්වයකින් යුතුව කටයුතු කළ බවද සඳහන් කළ යුතුය.
මෙය සේද මල් යහනා තුළින් ගොඩ නැගුමක් නොව සැබෑ තාරුණ්‍යයේ දහඩියේ සුවදින් ඔපවත් වූ ප්‍රදේශයට සුවිශේෂීය වයාපෘතියක් බවද මතක් කර දිය යුතුව ඇත.
ආරම්භයේ පටන් යොවුන් තරු යෞවන සමාජයේ සාමාජික සාමාජිකාවන් නොනවතින කැපකිරීමක යෙදෙමින් තම පුස්තකාලය ගොඩ නැගීමේ සිහිනය යතාර්ථයක් බවට පත්කර ගැනීමට කැප වූහ.
ප්‍රදේශයේ වූ ජනතාවගේ දායකත්වයත් පුස්තකාලයේ වටිනාකම හදුනාගත් ප්‍රදේශයේ වැඩිහිටි පිරිසත් එක්ව ගොඩ නැගුණ පුස්තකාල භාරකාර මණ්ඩලයේ සහයත් ඇතිව දෙමහල් පුස්තකාල ගොඩනැගිල්ලක් තෙක් ගොඩනංවා ඇත.

























