top of page

Welcome

original use water mark.png
යොවුන් තරු යෞවන සමාජයේ ඉතිහාසය

බෙන්තර වලල්ලාවිට කෝරළයේ, කිරිමැටිගොඩයාය, මුකලාන නම් අතීත නාමයට උරුමකම් කියන වර්තමාන  පොල්පැළකැටිය නම් ග්‍රාමයේ එදා යොවුන් තරු යෞවන සමාජය එදා ස්වේච්ඡා සමාජ සුබසාධනය සිදුකිරීම අරමුණු කොට ගෙන ඇරඹෙන්නට ඇත.

යම් උතුම් අරමුණක ආරම්භය තුළම එහි අභාවයද යම් දිනෙක සිදුවන්නා සේම කාලයාගේ ඇවෑමෙන් එදා තරුණ පිරිස අතරින් යොවුන් තරු යෞවන සමාජය ගිලිහෙන්නට ඇත.

ඇරඹි දිනය මෙන්ම එහි අරමුණු පවා නිසි ලෙස නොදත් ජව සම්පන්න වර්තමාන තාරුණ්‍යය 2015 වසරේ මුල් කාර්තුවේ දී වඩාත් ජව සම්පන්න ලෙස නව අරමුණු හා බලාපොරොත්තු සහිතව දෙවන වරටත් ජව සම්පන්න ලෙස යොවුන් තරු යෞවන සමාජයට නව ජීවයක් ලබා දුන්හ.

ඔවුනගේ විශේෂත්වය නම් ගම තුළ වඩාත් පෙරළිකාර ජව සම්පන්න අභියෝගාත්මක ප්‍රජා සුබසාධන කටයුතු සඳහා වැඩි නැඹුරුතාවයක් දැක්වීමයි.

කාලෝචිත මෙන්ම එදා ගමේ දැඩි අවශ්‍යතාවයක්ව පැවති එදා යොවුන් තරු පුස්තකාලය නැවත ප්‍රදේශයේ ජනතාවගේ සුබසිද්ධිය උදෙසා නැවත  ලබා දීම ඔවුනගේ ඒකායන අරමුණව පැවතිණ.

අරමුණ වෙනුවෙන් කළ ඉල්ලීමකට පොල්පැළකැටිය ශ්‍රී දේවගිරි විහාරයේ විහාරාධිපති හොරන්ගල්ලේ මහින්ද නායක ස්වාමීන් වහන්සේ පුස්තකාලය ඉදිකර ගැනීමට පන්සල් භූමියෙන් බිම් කොටසක් ලබා දුනි.

මෙවන් වටපිටාවක් තුළ නායක ස්වාමීන් වහන්සේගේ පූර්ණ මගපෙන්වීම මත යොවුන් තරු යෞවන සමාජයේ සාමාජික සාමාජිකාවන්ගේ යෝධ කැපවීම මත මහල් දෙකකින් යුත් පුස්තකාල ගොඩනැගිල්ලක් ඉදිකිරීමට ඔවුන් වර්තමානයේ සමත්ව ඇත.

එයින් නොනැවතුණ ඔවුන් 2019 අග භාගයේ පටන් රට තුල පැවති අරාජික කාල පරිච්ඡේදයේ සිය අධ්‍යාපන අයිතිය අහිමි වන ප්‍රදේශයේ දුවා දරුවන් වෙනුවෙන් අධ්‍යාපනය ලබා දීමට යොවුන් තරු අධ්‍යාපනික වැඩසටහන ආරම්භ කරන ලදී.

මෙසේ නන් අයුරින් වූ ප්‍රජා සමාජ සුබසාධන කටයුතුවල  යෙදෙමින් ආදර්ශවත් තරුණ පරපුරක් ප්‍රදේශයට දායාද  කිරීමට යොවුන් තරු යෞවන සමාජයට හැකියාව ලැබුණී.

අපගේ සියලු ඡයාරූප නැරඹීම සදහා  Album page වෙත පිවිසීමට පහත Butten එක click කරන්න.
 

ඔබට මෙහි කිසියම් අපහසුතාවයක්  ඇති උවහොත් ,  ලබා දී ඇති WhatsApp අයිකනය මත හෝ පහත නම උඩ click කරන්න. ඔබේ ප්‍රශ්න ඒ වෙත යොමු කරන්න.

Untitled design.png

Developed by:-

Thanks for subscribe our site us!

bottom of page